• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අතර හමුවක්

Jeneva news 20170228ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේ පළමු කොටස සඳහා සහභාගීවීමට ජිනීවා බලා පිටත්ව ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, ඊයේ උදෑසන (27), එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා මුණගැසුනි. 

 විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, මෙම වසරේ ජනවාරි මස සිය නිලයේ වැඩභාරගත් එක්සත් ජාතින්ගේ නව මහ ලේකම්වරයා හමුවූ පළමු අවස්ථාව මෙය වේ. 1978 වසරේ සිට, සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන කාලයද ඇතුළු ව, තම ශ්‍රී ලංකා සංචාර පිළිබඳ මතකය අවදි කළ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව සිය හදවතට ළංවූ රටක් බව පැවසීය.මෙහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා, සංහිඳියා මාවතේ ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති මෑතකාලීන සංවර්ධනයන් පිළිබඳ මහ ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව සඳහන් කළ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව යනු ඔහු සංචාරය සඳහා කැමැත්තක් දක්වන ඔහුගේ හදවතට ඉතා සමීප රටක් බවද පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.