• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිවාස 396 කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

Siyatha Sewanaනාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘දිවිසරු පුරවර’ ව්‍යාපෘතියට සමඟාමී ව කොළොන්නාව සාලමුල්ලේ ඉදිකරන ලද නිවාස ඒකක 396 කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණ දෙවන අදියර ජනතා අයිතියට පැවරීම මේ මස 02වනදා පෙ.ව.9.30ට සිදු කෙරේ. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදු කිරීමට නියමිත වේ.

 කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ. 

 රුපියල් මිලියන 1188ක වියදමින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකකයක් සඳහා විසිත්ත කාමරයක්, නිදන කාමර 02ක්, කුස්සියක්, ටයිල් අතුරන ලද නාන කාමරයකින් හා කුඩා සඳලුතලයකින් සමන්විත වේ. තවද විදුලි සෝපාන, ප‍්‍රජාශාලා හා වාහන නැවතුම් අංගන පොදු මංමාවත් ආදියද මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ අන්තර්ගත වේ. මෙම ව්‍යාපෘතිය මගින් කැළණි ගං ඉවුරේ නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන සේදවත්ත සහ වදුල්ලවත්ත ප‍්‍රදේශවාසීන්ට නිවාස ලබාදීමට පියවරගෙන තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.