• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ස්වභාවික උවදුරු වලට ඔරොත්තු දෙන තේ පැළයක්

Teaකුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවා වසර 40ක් පිරීම නිමිත්තෙන් මෙතෙක් සිදු කළ සේවාව හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2017 වර්ෂයේ සැලසුම පිළිබඳ ව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහවක් පසුගිය දා යටියන්තොට, හල්ගොල්ල ගම්මානයේ දී පැවැත්විණි.

පොල්පිටිය අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ දි ආගමික වතාවත්වලට මුලතැන දෙමින් පැවැති මෙම වැඩසටහන විහාරාධිපති පොල්පිටියේ ඥානවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති  විජේරත්න දේවගෙදර මහතා සහභාගි විය.

එහි දී අදහස් දැක් වූ සභාපතිවරයා   “1977 කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමේ දී අපේක්ෂිත අරමුණුවලට වඩා වර්තමානය වන විට කාර්යභාර්යක් සිදු කරමින් පවතිනවා. මෙරට තේ වගාව මේ වන විට විශාල ප්‍රදේශයක ව්‍යප්තව තිබෙනවා. දිවයින පුරා කුඩා තේ වතු සංවර්ධන සමිති එක් දහස් පන්සියයකට ආසන්න ප්‍රමානයක් ඇති අතර එහි සාමාජිකත්වය ලක්ෂ පහක පමන පිරිසක් දරනු ලබති. රටේ විප්ලවීය වෙනසක්  මෙම සමිති හරහා කිරීම හැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා. තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන  කුඩා තේ වතු සමිති නිසි ලෙස  කටයුතු කලොත් රටේ තිබෙන ප්‍රශ්න වලින් තුනෙන් එකක් පමන අඩු වෙනවා යන්න මගේ මතයයි. රටට විදේශ විනිමය මිලියන ගනණක් උපයා දෙන කර්මාන්තයක් බවට තේ කර්මාන්තය පත් වෙලා තියෙනවා.වර්තමානයේ තේ කර්මාන්ත බිද වැටී ඇති බවට ඇතැමුන් පැවැසුවත් එය අසත්‍යය. සිදු ව ඇත්තේ තාවකාලික පසුබෑමක් පමණයි. වාර්ෂිකව තේ නව වගාවක් ලෙස සියයට දෙකේ ඉලක්කය සිදු කරමින් පවතිනවා. පසුගිය කාලයේ මෙම අධිකාරිය අකාර්යක්ෂම ව පැවැතුනා. එම තත්ත්වයෙන් මුදවා ගැනීමට සභාපතිවරයා විධියට මා කටයුතු කලා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටාර් 4203ක පමන තේ වගාව ව්‍යප්තකර තිබෙනවා. කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල සියයට සියකින් වගා ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වි තිබෙනවා. මෙතෙක් නොලැබී තිබු නිලධාරීන්ගේ උසස්වීම් සියල්ල ලබා දිමට කටයුතු කලා. ඒ වගේම ඔවුන්ට විදේශ සංචාර සඳහා යාමට අවස්ථා ද ලබා දී තිබෙනවා.පසුගිය වර්ෂයේ අරණායක ප්‍රදේශයේ සිදු වු නායයාමෙන් කුඩා තේ වතු හිමියන් විශාල ප්‍රමානයක් මිය ගියා. ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් අධිකාරිය වැය කලා. එම ප්‍රදේශයේ හානියට පත් කුඩා තේ වතුහිමියන්ගේ යටිතල පහසුකම් නගා සිටුවිමට මිලියන 66ක මුදලක් වැය කිරීමට කටයුතු කරනවා.ස්වභාවික ඇති වන නියගයට ඔරෝත්තු දෙන තේ ප්‍රභේදයක් පසුගිය පරේෂණ මගින් සොයා ගනු ලැබුවා. එය ඉදිරි වසරක පමන කාලය තුළ දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. පොහොර සහනාධාර වෙනුවට මුදල් ගෙවීමේ වැඩ සටහනක් ආරම්භ කලත් වගාකරුවන්ගෙන් නිවරදි තොරතුරු නොලැබීම නිසා යම් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඉදිරියේ දී කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඒ හරහා තේ වගාවවේ උන්නතියට කටයුතු කරනවා සේම ඔවුන්ගේ ස්වංරැකියා සඳහා ද අඩු පොලියට ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. නැවත වගාව යටතේ මෙතෙක් හෙක්ටාර් එක්ක සඳහා ලබාදුන් ආධාර මුදල වන  තුන් ලක්ෂ පනස් දහසක මුදල ලක්ෂ පහ දක්වා  දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඉෆාඩ් ස්ටාර් තේ වගාව ප්‍රතිසංවිධාන ගත කිරීමට ද කටයුතු කර තිබෙයි.අද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා එම අමාත්‍යාංශයේ දියුණුවට විශාල ලෙස කටයුතු කරනවා. ඒ වගේම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය දියුණු කිරීමට එතුමා විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා. සභාපතිවරයා ලෙස මම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය භාර ගන්නා විට අරමුදලේ තැන්පත්ව තිබුනේ රුපියල් 75000ක මුදලක් පමනයි. බැංකුවලට ණය වෙලා තිබුනේ. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාහන 6ක් පිළිබඳ ව තාම තොරතුරු පවා නෑ. එවැනි තත්ත්වයක් පැවැතුනේ. වර්තමානයේ පවතින නියගය නිසා විනාශයට පත් කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් වන්දි ගෙවිමේ ක්‍රමයක් පිළිබඳ ව අධිකාරිය අවධානයක් යොමු කරමින් පවතිනවා. ඒ වගේම වැවිලි සමාගම් හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු තේ වතුවල අක්කර දෙක බැගින් ජනතාවට ලබා දී එහි තේ වගාව ව්‍යප්ත කර එම දළු එම සමාගම් හෝ ජනවසම්වලට ලබා දීමට කටයුතු කිරීමටත්, විදේශ රටවල මෙන් ම තේ ආශ්‍රිත අතුරු නිෂ්පාදන හඳුන්වා දී ප්‍රචලිත කිරීමටත්  අපේක්ෂා කරනවා යයි ද පැවැසීය."

මෙම අවස්ථාවට කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ  ප්‍රධාන කාර්ය්‍යාලයේ මානව සම්පත් කළමණාකරු (පාලන) හර්ෂාන් සිල්වා, කළමණාකරු (සංවර්ධන) රෝහිත වෛද්‍යරත්න, කෑගල්ල ප්‍රාදේශිය කළමණාකාර ආර්.ඒ.ජී.පී රණසිංහ යන මහත්වරු ඇතුළු තේ පරික්ෂක ව්‍යප්ති නිලධාරීහු ද, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සමිතිවල නිලධාරීහු ද සහභාගි වී සිටියහ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.