• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී අමාත්‍ය ආලෝක් ශර්මා මහතා විදේශ අමාත්‍යවරයා හමුවේ

Hon magala samaraweera 2017023ඊයේ (28)  ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසි වාරයට සමඟාමී ව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය ලේකම් හා ආසියා හා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා හමුවිය.

මෙහිදී, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියේ මෑතකාලීන ප්‍රවනතා සම්බන්ධයෙන් අමාත්‍ය ශර්මා මහතා දැනුම්වත් කළේය. ඊයේ දින ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසි වාරයේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින් අමාත්‍ය ශර්මා මහතා, විදේශ අමාත්‍ය සමරවීර මහතා ජිනීවාහි දී එලදායී අයුරින් කටයුතු කිරීම පිළිබඳ ව සිය ප්‍රසාදය පළකර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා "2015 ඔක්තෝබර් යෝජනාවලිය හා ස්ථායීතාව, සංහිඳියාව හා යුක්තිය ඇති කිරීම සඳහා අවශ්‍ය වන පශ්චාත් -ගැටුම් පියවරවල් ශ්‍රී ලංකාව තුළ පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අප ශ්‍රී ලංකාවට කාලය ලබාදිය යුතුය" යැයි ප්‍රකාශ කර සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.