• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟය හේතුවෙන් ගම්පහ පවුල් 37843කට ජලය සැපයීමට පියවර

water 2017මේ දිනවල පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක ග්‍රාම නිලධාරී වසම් 339කට අයත් පවුල් 37843ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා සඳහන් කළේය.

දිවුලපිටිය, කටාන,  මිනුවන්ගොඩ, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, සහ දොම්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 37843කට අයත් සාමාජිකයින් 158820 දෙනෙකු සඳහා මෙසේ ජල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව ඊයේ (28) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඒ මහතා පැවසීය.

පීඩාවට පත් ජනතාව සඳහා ජලය සැපයීමට මේ වන විට ජල බවුසර් 16ක් යොදා ගෙන ඇති බවත් ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි ජලය බෙදා හැරීමට නම් තවත් ජල බවුසර් 31ක් හා ජල ටැංකි 564ක් අවශ්‍ය බවත් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.          

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.