• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඌව වෙල්ලස්ස විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රයට ජනපති මඟුල් මඩුවේදී අත්සන් තබයි

He news 2017.02.3ඌව වෙල්ලස්ස අරගලයේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමේ  මහෝත්සවය (01) මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විණි.

එහිදී 1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත  මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන්  දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්  කරන ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඡායනය මධ්‍යයේ මහනුවර මඟුල් මඩුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර අත්සන් තැබීණි.

මහා සංඝරත්නය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා,  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සිවු දේවාල බස්නායක නිලමේවරුන්, දිසාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, අද දින දේශප්‍රේම විරුවන් ලෙස නම් කෙරුණු පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.