• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ කටයුතු අමාත්‍යවරයා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ

Hon mangala samaraweera RTC 2017විදේශ කටයුතු අමාත්‍යවරයා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේවිදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆොන්සෝ දාස්ටිස් කුසෙඩෝ මහතා හමුවිය.

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසිවාරයට සමඟාමී ව, ඊයේ  (01), මෙම සාකච්ඡා පවත්වන ලදි.දෙරටේ ආයෝජනය හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහාත් ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය සමරවීර මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය කුසෙඩෝ මහතා ට එහිදී ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ තානාපති කාර්යාලයක් ස්ථාපනය කිරීමට ස්පාඤ්ඤ රජය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ අමාත්‍ය කුසෙඩෝ මහතා, ජී.එස්.පී + (GSP+) සහනය ලබා ගැනීමට ස්පාඤ්ඤයේ සම්පුර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත් අවධාරණය කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.