• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සි ෂෙල්ස් හා ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්

Hon deleep wedaarachchi2017සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙළක් යටතේ යැවීමට අවශ්‍ය  කටයුතු කඩිනමින් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සි ෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය MICHAEL BENSTRONG   මහතා සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ.

සිෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ තම රටේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රමිකයින් අවශ්‍ය බවයි. ඊට අමතර ව ධීවර යාත්‍රා ද අවශ්‍ය බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ඇතැයි පෙන්වා දුන්නේය.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ජාව දෙරටේ ධීවර කර්මාන්තයට බෙහෙවින් ඉවහල් කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ වඩාත් පුළුල් ව අවධානය යොමු කිරීමට හැකිවූ බවත් සි ෂෙල්ෆ් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය .  ඔහු සඳහන් කළේ ධීවර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට වෙරදරන නිල් ආර්ථික වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බවයි. එම නිල් ආර්ථික වැඩපිළිවෙළ සී ෂෙල්ස් රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන මේ වන විට වසර තුනක් පමණ වන බවද එරට ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය . 

මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ නව ධීවර තාක්‍ෂණ විද්‍යාල දෙකක් පිහිටුවා වෘත්තීය මට්ටමේ ධීවරයින් බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්, කොරියාවේ සහය ලබා ගනිමින් ඒ සියලු ම ධීවර කාර්මිකයන්ට පුහුණුවේදී නව තාක්‍ෂණය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව ධීවර කර්මාන්තයේ නිරතවීම පිළිබඳ වැඩි අවධානය යොමුකරණ බවත්ය.

ඒ අනුව දෙරට ඇති කර ගන්නා නිවැරදි වැඩපිළිවෙළක් යටතේ මනා පුහුණුවක් ලද ධීවර කාර්මිකයන් සි ෂෙල්ස් රටේ රැකියා සඳහා යොමුකිරීමට පියවර ගන්නා බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, එරටට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල ධීවර යාත්‍රා නිපදවා ලබාදීමේ වැඩපිළිවෙළ ද කඩිනමින් ක්‍රියාත්මක කරණ බව පැවසීය.

 දෙරට අතර ඇති කරගත් සුහදතාව තව තවත් වර්ධනය කර ගනිමින් මනා අවබෝධයක් හා නිවැරදි වැඩපිළිවෙළක් යටතේ දෙරටේ ධීවර කර්මාන්තය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට දෙරට ම එකඟත්වයකට පැමිණියහ .  

ඒ වගේ ම සි ෂෙල්ස් තරුණයන්ට නාවික ඉංජිනේරු පිළිබඳ පුහුණුවක් ලංකාවේ දී ලබා දීමේ වැඩපිළිවෙළක් සැකසීමටද මෙහිදී එකඟත්වයකට පැමිණියහ. මෙම අවස්ථාවට සී සෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස් David Pierre මහතා ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර, රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අයේෂ් රණවක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.