• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් ඛෙදාදීමේ වැඩසටහනක්

He news 2017 03 2නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 83ක පීඩාවට පත් පවුල් 180,000ක් වෙනුවෙන් මේ වන විට පානීය ජලය ඛෙදා හරිමින් පවතී.

එම කාර්යය වඩා සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙම ට්‍රැක්ටර් බවුසර් ලබාදීමට පියවර ගෙන තිබෙන අතර එහි පළමු අදියර යටතේ ට්‍රැක්ටර් බවුසර් 25ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීම අද සිදු විය.

කළුතර, කුරුණෑගල, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මෙම ජල බවුසර් බෙදාදීම සිදු කෙරිණි. අමාත්‍ය වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ නිෂ්පාදනය කරන වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජංගම රථය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.