• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර ජනපති අතින් ජනතා අයිතියට

Development drive to see Slums 2017රටේ මහජනතාවට අවශ්‍ය ආහාර, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර සඳහා සෑම රජයක්ම ප‍්‍රමුඛත්වය ලබාදීම අත්‍යාවශ්‍යවන අතර ඇතැම් රජයන් එම ප‍්‍රමුඛතාවය හඳුනා නොගෙන දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර මත පමණක් කටයුතු කිරීම හේතුවෙන් මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට ජීවත්වීම පිළිබඳ ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළොන්නාව, සාලමුල්ල ප‍්‍රදේශයෙහි ඉදිකරනු ලැබු නිවාස 396කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර අද (02) පෙරවරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි. නව මහාමාර්ග මෙන්ම අහස උසට ඉදිවු අලංකාර ගොඩනැගිලිවල දකින සුන්දරත්වය කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ ජීවිත තුළද තිබිය යුතු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා භෞතික සම්පත් සංවර්ධනය කොතෙක් ඇස පිනවුව ද, ජනතාවගේ ජීවිත සුන්දර කළ නොහැකිනම් එම සංවර්ධනයෙන් ඵලක් නොවන බව ද කියා සිටියේය.

 

රටේ සියලු ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීම වත්මන් රජයේ අරමුණ වන අතර අද රටේ සියලු ක්ෂේත‍්‍රවල සංවර්ධනය ද කඩිනම් කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා 2020 වන විට මෙරට නිවාස, නාගරික සංවර්ධන, කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල විශාල ප‍්‍රගතියයක් පෙන්නුම් කිරීමට රජයට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

 

අද ඇතැමුන් ආණ්ඩුවට නොයෙකුත් චෝදනා සහ ව්වේචන එල්ල කරමින් විවිධ උදඝෝෂණ සහ විරෝධතාවල නිරතවන අතර ඇතැම් මාධ්‍යය ද අසුබ දේ පමණක් දකිමින් තම ව්‍යාපාරවල නිරතවන බව පැවසු ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ නිදහස සීමාවෙන් එපිටට භාවිතා කරමින් රටට විනාශයක් සිදු නොකරන ලෙස එම සියලුදෙනාගෙන් තමා ඉල්ලා සිටින බවත් මෙහි අයහපත් ප‍්‍රතිඵල ලැබෙන්නේ පෞද්ගලිකව දේශපාලනඥයින්ට නොව සමස්ථ රටටම බවත් කියා සිටියේය.

රුපියල් මිලියන 1188ක ආයෝජනයෙන් ඉදිකළ ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 396කින් සමන්විතය. කොළඹ පැරණි කැළණි පාලමට සමාන්තරව ඉදිවන නව කැළණි පාලම ඉදිකිරීම් හේතුවෙන් අවතැන්වන සේදවත්ත, වදුල්ලවත්ත ජනාවාසයන්හි පවුල් 280 කට ද මෙම ව්‍යාපෘතියෙන් නිවාස හිමි වෙයි.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන, දිවිසුරු පුරවර, ව්‍යාපෘතියට සමගාමීව මෙම ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙන අතර වර්ග අඩි 450කින් යුක්ත මෙම එක් නිවසක් නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක්, සදළුතලයක් සහ සනීපාරක්ෂක පසුකම්වලින් සමන්විතය.

මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමට සමඟාමී ව මාර්ග පද්ධති පුළුල් කිරීම, ප‍්‍රජාශාලා ආදි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද සිදු කෙරේ. සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. නිවාස ලබාදීම සංකේතවත් කරමින් නිවාසලාභීන් කිහිප දෙනෙකු වෙත යතුරු ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජපන් තානාපතිවරයා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.