• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව ජංගම සේවා වැඩසටහනක්

wattarama 2017කෑගල්ල වට්ටාරම ශ‍්‍රි අරහත්ත මලියදේව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත 2017 ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස ජංගම සේවා වැඩසටහනක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

මේ යටතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට හා දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජංගම සේවා වැඩසටහන 2017 මේ මස 04 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා රුවන්වැල්ල වැන්දල ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

 මෙදින විශේෂයෙන් විහාරස්ථාන ඉඩම් ගැටලූ, විහාරස්ථාන ලියාපදිංචිය, සාමණේර හා උපසම්පදා ස්වාමීන් වහන්සේ ලියාපදිංචිය, විහාරස්ථාන ශාසනාරක්ෂක මණ්ඩල ලියාපදිංචිය, විහාරස්ථාන සංගණනයට අදාළ තොරතුරු රැස් කිරීම, සිල්මාතා ආරාම හා සිල්මාතාවන් වහන්සේ ලියාපදිංචිය, සිල්මාතා හැඳුනුම්පත් කටයුතු, දහම් පාසල් පෙළ පොත්, ගුරු නිල ඇදුම්,  පුස්තකාල දීමනා සම්බන්ධ ගැටලු, දහම් පාසල් ගුරු භවතුන්ගේ හා සිසුන්ගේ ඇගයීම් කටයුතු සිදු කිරීම, ගුරු හැදුනුම්පත් කටයුතු, දහම් පාසල් ගුරු භවතුන්ගේ වෛද්‍යාධාර කටයුතු, දායක සමිති, කාර්ය සාධක සමිති, රාජ්‍ය සේවා බෞද්ධ සමිති, දහම් පාසල් ලියාපදිංචි කටයුතු ආදී වශයෙන් විහාරස්ථාන, සිල්මාතා ආරාම හා දහම් පාසල්වල පවතින විවිධ ගැටලු විසදීම යන කාර්යයන් විසදීමට නියමිතය.

මීට අමතරව දේශීය හා බටහිර වෛද්‍යසායනයක්, අක්ෂි වෛද්‍යසායනයක් හා ලේ දන්දීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.