• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහල් කිලෝ 24,950ක් පිටකොටුවෙන් අත්අඩංගුවට

rice2017පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා (27) සවස අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන හා සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා කරන ලද වැටලීමක දී පිටකොටුවේ වෙළෙඳ සැල් තුනක තිබී මෙම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ. එක් ව්‍යාපාරික ස්ථානයක කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ සහල් මළු 686ක් විකිණීමට ප්‍රතික්ෂේප කර තිබී ඇත.

තවත් වෙළෙඳ ස්ථාන දෙකක කිලෝ ග්‍රෑම් 25 මළු 922ක් හා 76ක් බැගින් ඇසුරුම් ගලවා සහල් සඳහා ප්‍රසිද්ධ නාමයන් සහිත මළුවලට බහාලමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.එම සහල් තොග මුද්‍රා තබා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව ද බදුයිදීන් ඇමතිවරයා කීවේය.සහල් පාලන මිල නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා 26දා සහ 27 දා වැටලීම් 172ක් කර තිබිණි.

ඒ 26 දා වැටලීම් 68ක් හා 27 දා වැටලීම් 104ක් වශයෙනි. 26 දා කරන ලද වැටලීම් 68 දී ව්‍යාපාරික ස්ථාන 101ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳ සැල් 41ක් හමුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කියති.27 දා සිදුකරන ලද වැටලීම් 104 දී වෙළෙඳ සැල් 159ක් පරීක්ෂාවට ලක්වූ බවත් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 46ක් හා පාරිභෝගික නීති කඩ කරමින් වෙනත් වැරදි සිදුකළ වෙළෙඳ සැල් 58ක් වූ බවත් වැටලීම් කළ නිලධාරීහු කියති.පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ විකිණීම ප්‍රතික්ෂේප කරමින් සහල් තබාගත් වෙළෙඳ සැල් තුනට හා වැඩි මිලට සහල් විකුණූ ස්ථාන සියල්ලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.

මේ වන විට පෙබරවාරි මාසයේ දී වැටලීම් 2064ක් සිදුකර ඇති බවත් වැඩි මිලට සහල් විකුණීම ඇතුළු පාරිභෝගික නීති කඩ කළ ව්‍යාපාරික ස්ථාන 1367ට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.උපරිම සිල්ලර මිලක් නියමකර තිබිය දී එය නොතකා වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.