• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කරුවලගස්වැවට ජාතික විශ්වවිද්‍යාලයක්

Hon Palitha range bandaraආණමඩුව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට නියමිත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පසුගියදා පැවැති කරුවලගස්වැව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. යෝජිත විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ මූලික කටයුතු මේ වසර තුළදී ආරම්භ කරන බවත්, එය සියලු ම විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වූ විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කිරීම රජයේ අපේක්‍ෂාව වී ඇති බවත් ඔහු පැවැසීය.
සාම්ප‍්‍රදායික වශයෙන් උපාධිධාරීන් බිහි කිරීමෙන් වැලකී වෘත්තීයක් ඉලක්ක කරමින් උපාධි පිරිනැමීම වෙනුවෙන් නව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට යෝජනා වී තිබේ පාඨමාලා අටක් 08ක් යටතේ මෙහිදී  උපාධි පිරිනැමීම මූළික ව සිදු කිරීමට යෝජනා වී ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

එමෙන්ම 2019 වසරේදී  මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමද රජයේ සැලසුමයි. ලෝක බැංකුවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන හා නියමයන් මත පදනම් ව මෙහි වැඩ කටයුතු සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.