• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

‘සේවා ප‍්‍රසාදනී අභිසෙස් උළෙල’ ජනපති ප‍්‍රධානත්වයෙන්

 
He news 20170304ඊයේ දිනට යෙදී තිබූ ලෝක වනජීවි දිනය නිමිත්තෙන් මෙරට වනජීවි සංරක්ෂණය වෙනුවෙන් කැපවූ පුද්ගලයන් සහ නිලධාරින් ඇගයීම හා ඔවුන්ට සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, සේවා ප‍්‍රසාදනී අභිසෙස් උළෙල, ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
අතිවිශිෂ්ට පූර්ණ සේවා සම්මාන 10ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.බී.ඩී. මීගස්මුල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.