• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහාචාර්ය මොන්ටි කාසිම් මහතාට ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයක්

Pm news 2017.03.05ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හා ජපානයේ උසස් අධ්‍යාපනයට ලබාදුන් දායකත්වය අගයමින් මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

 මහාචාර්ය මොන්ටි කාසිම් මහතාට ගෞරව සම්මානය පිරිනැමීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතාගේ නිල නිවසේ පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

ජපානයේ රිට්සුමිකන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන කාසිම් මහතා ශ්‍රී ලංකාවේ මහජන සත්කාරය සඳහා ඉටුකරමින් සිටින සේවාව අති මහත්ය.

ජපාන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය කාසිම් මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය උසස් තලයට ගෙන යාම සඳහා ඉටු කරනු ලබන සේවාව අගය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට සීග්‍ර ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින මේ මොහොතේ කාසිම් මහතාගෙන් ලැබෙන සහයෝගය ද අති මහත් බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.