• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව හෙට

Indian ocen RIM Asso2017ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව මාර්තු මස 07 දින (හෙට ) සිට ආරම්භ වීමට නියමිත ය.

 ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

''ඉන්දියානු සාගරය සමකාමී,ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම'' යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද ඉන්දුනීසියාව බලා පිටත්විය.

රාජ්‍ය නායක සංචාරය අතරතුර දී  ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර, ''ඉන්දුනීසියවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු   සහයෝගිතාව පිළිබඳ අවභෝධතා ගිවිසුම'',  ''ඉන්දිනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමූපකාර සඳහා අළෙවි   සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව( NCCSL)  අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතව පිළිබඳ අවබෝධතා ගිවිසුම''  අත්සන් කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.