• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති අද ඉන්දුනිසියාවට

HEඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය.

 ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් කි‍්‍රයාත්මකවන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම, යන තේමාව යටතේ රාජ්‍ය නායක සමුළුව හෙට (07) ජකර්තා නුවරදී ආරම්භ කෙරෙන අතර එදින පෙරවරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසෙන මැතිතුමා සමුළුව ඇමතීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනිසියාව අතර ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ ගිවිසුම් 02 කට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනිසියා ජනාධිපති අසාදාද මහතා අතර නිල හමුව 08 වනදා පෙරවරුවේ මර්ඩෙකා පැලස් හි දී සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.