• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුවන් හමුදා ප්‍රදර්ශනයේ අවසන් දින උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්

State Minister visits SLAF 66th 2017ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ සංවිධානය කරන ගුවන් හමුදා ප්‍රදර්ශණය සහ සැණකෙළිය නැරඹීම සඳහා මෙන්ම අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ දින (මාර්තු 05) සන්ධ්‍යාවේ සහභාගි විය.

රාජ්‍ය අමාත්‍ය වරයා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පීඨිකාවවෙත කැඳවාගෙන එනලදී, අනතුරුව ගුවන් යානා සංදර්ශනය ආරම්භකරන ලද අතර එයට සමගාමිව ගුවන් හමුදාව විසින් සංවිධානය කර තිබූ සංදර්ශන, විවිධ ක්‍රියාකාරකම් සහ ප්‍රදර්ශණ කුටි නැරඹීමටද සහභාග විය.

මේ අවස්ථාවට හමුදා ප්‍රධානින් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙන්ම නරඹන්නන් විශාල පිරිසක් සහභාග වී සිටියහ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශණය සහ සැණකෙළිය සිකුරාදා (මාර්තු 03) දින ආරම්භ වූ අතර ඊයේ දින අවසන් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.