• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අරණායක නිවාස ඉදි කිරිමට බාල දක්ෂයින්ගේ ශ්‍රම දායකත්වය

Kegalle2017පසුගිය වර්ෂයේ අධික වර්ෂාව හේතුවෙන් අරණායක ප්‍රදේශයේ නායයාම් හා අධිඅවධානම් කලාප වල ජීවත් වූ ජනතාව සදහා අරණායක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කලුගල ග්‍රාම සේවා වසමේ නිවාස 80ක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

මින් නිවාස 40ක් රාජ්‍ය නොවන සංවිධායක් මගින් ඉදි කරයි. එම නිවාස 40 හි ඉදිකිරීම සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 10ක බාලදක්ෂ කණ්ඩායම්වල 150ක් පමණ දෙනා ශ්‍රම සහභාගිත්වය ලබාදීමේ වැඩසටහනක් ද පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාවට එම පාසල්වල බාලදක්ෂ කණ්ඩායම් භාර ගුරුවරුන්ද, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත්ගුණරත්න, කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා ජපානයේ ක්වාංෂි ලාකුෂිං විශ්වවිද්‍යාලයේ අදෂි හෂේන් ආචාර්යවරයා ඇතුළු ජපානයේ  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 20ක් ද සහභාගි වි සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.