• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුවන්වැල්ලේ ජංගම සේවා ඉතාමත් සාර්ථකයි

Dharma Wheel2017 රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමී ව රුවන්වැල්ල වැන්දල ශ්‍රී විසුද්ධාරාමය විහාරස්ථානය කේන්ද්‍රව පැවති ජංගම සේවා වැඩසටහන ඉතාමත් සාර්ථකව පැවැත්විණි.

අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජංගම සේවා වැඩසටහන පැවැත්වූ අතර, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රෙප්ම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන්  මේ අවස්ථාවට සහභාගී වූහ.මෙහිදි සමාජසේවා කටයුතුවලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පහළොස් දෙනෙකුට උපහාර පිදීමක් ද සිදුකෙරිණි.

එසේම අවුරුදු 30 කට වඩා දහම් පාසල් ගුරු වෘත්තියේ නියැළුන ගුරුවරුන් 100 කට උපහාර පිදීමක් ද මෙහි දී සිදුවිය.විහාරස්ථාන හා දහම් පාසල් ගැටලු රැසකට මෙම ජංගම සේවා තුළින් විසඳුම් ලැබුණ අතර ලේ දන්දීමක් හා දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරක් ද පවත්වන ලදී. ගරුතර මහා සංඝරත්නය ඇතුළුව දහසකට වැඩි පිරිසක් මෙම ජංගම සේවාව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.