• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෝටර්ස් ඒජ් හි තුනපහ ශ‍්‍රී ලංකන් නව අවන්හල 08වනදා සුබ මොහොතින් විවෘත කෙරේ

foods2017 03 6ජයවර්ධනපුර කෝට්ටේ, වෝටර්ස් ඒජ් හෝටලය දේශීය සාම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය හා දේශීය දේ නව ලොවට ගෙන යන අටවැනි ආපන ශාලාව ලෙස තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්හල විවෘත කිරීම මේ මස ( 08) වන දින පෙ.ව. 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ‍්‍රයේදී සිදු කෙරේ.

මෙම තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්ල විවෘත කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය. ඒකාකාරි නාගරික රටාවෙන් මිදී මදකට හෝ ග‍්‍රාමීය පරිසරයකට රැගෙන යන, දේශීය කෑම වේලක රස සුවඳ විඳ ගනිමින් තම මනස සන්තර්පනය කර ගැනීමට පාරිභෝගිකයාට මෙහිදී පහසුකම් සලසා ඇත. මෙම අවන්හලෙහි ඇති විශේෂත්වය නම්, සෑම පාරිභෝගිකයෙකුගේ ම කෑම මේසය මත ආහාර බුෆේ ක‍්‍රමයට සූදානම් කොට තිබීමයි.

අනෙක් සුවිශේෂී කරුණ නම් මෙම අවන්හලෙන් ලබාදෙන දේශීය ආහාර, පලතුරුවල ගුණාත්මක බව, නිෂ්පාදනය කළ ප‍්‍රදේශය ආදී සියලූ විස්තර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කිරීමයි. දේශීය ආහාර සම්ප‍්‍රදාය පමණක් ම නොව දේශීය කලා ශිල්පීන්ගේ අත්කම් භාණ්ඩ, දේශීය ව නිෂ්පාදනය කළ රෙදිපිළි, විසිතුරු භාණ්ඩ රැගත් සම්ප‍්‍රදායික සල්පිලක් ද මෙහි ස්ථාපිත කොට ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.