• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිළිකා රෝගීන්ට සියලු ම ඖෂධ බිල් ගෙවීමට ර‍ජයෙන් මුදල්

Hon
පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදිම වෙනුවෙන් රෝහල් විසින් ඉදිරිපත් කළ සියලු ඖෂධ බිල්වලට මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වසරේ පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීමට රුපියල් මිලියන 1200ක්, 2017 වසර සඳහා රුපියල් මිලියන 4200ක් වැයවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද මහජන ආධාර ලාභීන් 250 කට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීමේ උත්සවයක් පසුගියදා බේරුවල ශාන්තආනා දේවස්ථානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පිළිකා ඖෂධ ඉතාම මිල අධික වන අතර  එම ඖෂධ පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා නොමිලේ ලබාදීමට මම පියවර ගෙන තිබෙන බවත් රෝගීන්ට සියලු  ඖෂධ නොමිලේ ලබාදෙමින් ප‍්‍රතිකාර සේවාවන් සිදු කිරීම නිදහස් සෞඛ්‍යව තුළ සිදු විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා ඖෂධ නොමිලේ ලබාදීමේ  වැඩපිළිවෙළ යටතේ ඇතැම් රෝහල්වලින් රුපියල් ලක්ෂ 60-70 ට වැඩි වටිනාකමකින් යුත් බිල්පත් ඉදිරිපත් වී තිබෙන බවත්  ඒවා ගෙවීමට සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට ද මම පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා මෙම වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 1,200ක් වැය වන බවත් ලබන වසරේ දී එනම් 2017 දී එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 4,200ක් වැය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අක්ෂි කාච නොමිලේ ලබාදීම සහ ලේ පරික්ෂණ රජයේ රෝහල් මගින් සිදු කිරීම නොමිලේ ලබා දෙන සේවාවන් අතර වෙන් බවත් පිළිකා රෝගීන් සඳහා විකිරණ උපකරණ 31 ක් අවශ්‍ය වෙන අතර එම උපකරණ අඩු මුදලට ලබාදීමට කැනඩාව ඉදිරිපත් වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.