• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතෘ භූමියට එරෙහිව ප‍්‍රතිවාදීන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට රැවටෙන්න එපා

He news 20170307මාතෘ භූමියේ නිදහස හා ස්වාධීනත්වය රැකගනිමින් සංවර්ධනය කරා ගෙන යනවා – ජනපති ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට කියයි.රජය පිළිබඳව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලු විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා ඊයේ (06) පස්වරුවේ ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමඟ සුහද හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළේය.මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් රැක ගනිමින් සංවර්ධිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනගන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ ස්ථිර සාර සාමයක් ස්ථාපිත කරමින් නැවත යුද්ධයක් ඇති නොවන ලෙස සියලු ජනතාව අතර සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැගීම වත්මන් රජයේ වැඩපිළිවෙළ බව ද කියා සිටියේය.

අද ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලුදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණේ වසර 40 කට පසුව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසුව රුසියානු රජයෙන් ලැබුණු නිල ආරාධනයක් පරිදි තමා තවත් සති දෙකකින් රුසියාවේ නිල සංචාරයක නිරත වන බව සඳහන් කළේය.

ඉන්දුනීසියානු රජය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහල් මෙට්ටි‍්‍රක් ටොන් 5000 ක් පරිත්‍යාග කරමින් දැක්වූ සහයෝගය ද කෘතවේදීව සිහිපත් කළේය.ඉන්දුනීසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ අතර ජනාධිපතිතුමාගේ පැමිණීම සංකේතවත් කරමින් තානාපති කාර්යාල පරිශ‍්‍රයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.