• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව ව්‍යවසායක අලෙවි පොළක් මාතර දී

Market Scene'තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී' තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කාන්තාවන් දෙදහසකගේ පමණ සහභාගිත්වයෙන් හෙට (08) වැනි දා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඊට සමඟාමී ව ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැත්වෙන මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී කාන්තවන්ගේ නිෂ්පාදන ඇතුළත්  ව්‍යවසායක අලෙවි පොළ අද (07) පෙ.ව.10.00 ට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත ය.

ව්‍යවසායක අලෙවි පොළ අද (07) සහ හෙට (08) යන දෙදින තුළ පැවැත්වේ.අද (07) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සුවනාරි සෞඛ්‍ය වැඩසටහනක් ද මේ හා සමඟාමී ව පැවැත්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.