• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෑම ක්ෂේත්‍රයකම කාන්තා දායකත්වය ඉහළයි - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

Ranil wikramasingheකාන්තා දායකත්වය සෑම ක්ෂේත්‍රයකම වර්ධනය වී ඇති හෙයින් එහි දී ඇයට සමාන හිමිකම්, ගරුත්වය සහ ඇගයීම ලැබෙන්නේ ද යන්න වගකීමෙන් සොයා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දකුණු ආසියාකරයේ රටවල් සමඟ සසදා බලන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබී තිබුණ ද, ලාංකේය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ථ කටයුතුවලට සීමාවී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට අප තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.

ගෘහනියක, මවක, බිරිඳක ලෙස පවුල තුළ සිය කාර්යභාරය ඉටු කරන අතරම, කාන්තාව සතු ශාරීරික, මානසික, අධ්‍යාත්මික ශක්තිය තුළින් විශාල සමාජ මෙහෙවරක් කිරීමේ හැකියාව ඈ සතුය. ඒ සඳහා අවශ්‍ය නිදහස, පිළිගැනීම, ධෛර්යය සහ අවස්ථාවන් ලබා දීම අප සතු වගකීමකි. සෑම ක්ෂේත්‍රයකම කාන්තා දායකත්වයේ වර්ධනයක් දැකිය හැකි වුව ද ඇයට සමාන හිමිකම් ලැබෙන්නේ ද, ගරුත්වය සහ ඇගයීම ලැබෙන්නේ ද යන්න වගකීමෙන් සිතා බැලීම අවශ්‍යය. නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝධ කර ගනිමින්, ඒ හා සමතැන් ගත හැකි දිරිය කාන්තාවන් අප රට තුළින් ගොඩනැංවීමට රජය සහ සමස්ත සමාජය එක්ව ක්‍රියා කළ යුතු ය. ‘තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී’ යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඒ සඳහා පුළුල් දැක්මක් සපයනු ඇතැයි අපේක්ෂා කරමි.

තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජය ගනිමින් පෙරටම යන්නට අප රටේ සමස්ත කාන්තාවන්ට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.