• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශී‍්‍ර ලංකා – ඉන්දුනීසියා රාජ්‍ය නායකයින් හමු වෙයි

He news 2017039දෙරටේ ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීමට නායකයින්ගේ පුළුල් අවධානය.


ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ (08) පෙරවරුවේ සිදු විය.

වසර 40 පසුව ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් අද පෙරවරුවේ ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස වන මර්ඬේකා මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉන්දුනීසියා ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් සහ සුහදශීලී ලෙස පිළිගනු ලැබීය.

ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත‍්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද මර්ඩෙකා මන්දිරයේදී සංවිධානය කර තිබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවෙන් පසු ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර මිත‍්‍රත්වය වඩාත් ශක්තිමත් වන බව ඉන්දුනීසියා ජනාධිපතිතුමා සඳහන් කළේය.දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර දෙරටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පිළිබඳව ද අවධානය යොමු විය.කලාපීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීම පිළිබඳව ද රාජ්‍ය නායකයින් සාකච්ඡා කළහ.

එමෙන් ම රටවල් දෙක අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා එහි පසුබිම සොයා බැලීමට සාකච්ඡා කෙරිණි.ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදෙන බව මෙහිදී ඉන්දුනීසියා ජනාධිපතිතුමා පැවසූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීමට ද නායකයින් සාකච්ඡා කළහ.

ඉන්දුනීසියාවේ පෞද්ගලික සහ රජයේ ආයෝජකයින්ට ශී‍්‍ර ලංකාවේ ආයෝජන සඳහා ඉඩ ප‍්‍රස්ථා විවර කර දිය හැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය බදු සහන සහ පහසුකම් සපයාදීමට රජය සූදානම් බව කියා සිටියේය.ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියා ජනාධිපතිතුමා වෙත ආරාධනා කළ අතර ලබන මැයි මස ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා ඉන්දුනීසියා රජයේ නියෝජිතයෙකු සහභාගී කරවන ලෙස ද ඉල්ලා සිටියේය.අනතුරුව ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අතර සමුද්‍රීය හා ධීවර සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ සාම්ප‍්‍රදායික කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට මෙලෙස අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි මහතා සහ ඉන්දුනීසියාව වෙනුවෙන් එරට සමුද්‍රීය කටයුතු හා ධීවර අමාත්‍යවරයා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක් විය.අනතුරුව ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.