• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අද වන විට කාලීන ප්‍රශ්නයක් වුවත් එය මැඩපැවැත්වීමට රජය කටයුතු කරමින් පවතිනවා

Hon Sagala rathnayakeමත්ද්‍රව්‍ය ප්‍රශ්නය අද වන විට කාලීන ප්‍රශ්නයක් වී ඇති බව  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා පවසයි.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ,  අද (09) පෙරවරුවේ අන්තර්ජාතික මාධක පාලක මණ්ඩලයේ දී පැවති 2016 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. 

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ වන විට රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය සංඛ්‍යාත්මක ව ගත් කළ යම් පාලන මට්ටමක පවතින බවයි. එසේ නමුත් මෙමගින් රට තුළ ඇති සැබෑ තත්ත්වය නිවැරදි ලෙස පිළිබිඹු වන්නේ ද යන්න ගැටලු සහගත බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. රට තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී රටට ගැලපෙන ලෙස ඒවා සකස් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ, නීති සකස් කිරීමේදී ද විවිධ රටවලින් ආදර්ශ ගනු ලැබූවත් ඒවා රටට අදාළ ව සකසා ගත යුතු බවයි.  මෙහිදී උදාහරණ ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විට සිංගප්පූරුව තුළ මත්ද්‍රව්‍ය භාවිතයක් නොමැති බවයි. එසේ එයින් අප රටට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සකස් කිරීමේදී සිංගප්පූරුව ආදර්ශ කොට ගත්තත් එය රටට ගැලපෙන ලෙස යොදා ගත යුතු වන බව පෙන්වා දුන්නේය.  මෙහිදී සමාජීය සහභාගීත්වය ද ඉතාමත් වැදගත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ වන විට රජය ඊට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතින බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.