• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික කුළු බඩු මංගල්‍ය ශ්‍රී දළදා මාලිගාවේ දී

Spicesකුළු බඩු  බෝගයන්හී අග්‍රඵලය  ශ්‍රී දළදා සමිදුන් වෙත පුදකෙරෙන ජාතික කුළුබඩු පුජා මංගල්‍ය  අද (10) වෙනි  දින ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වේ.

  චිරාගත  සම්ප්‍රදායට අනුව ශ්‍රී දළදා  වහන්සේ  උදෙසා පවත්වන ලබන මුරුතැන්  පුජාවට  දෛනික ව  කුළුබඩු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් කුරුදු ගම්මිරිස්, සාදික්කා, කරාබු, එනසාල්, කෝපී,  ආදී  වගාකරුවන් තමන්ගේ  වාර්ෂික අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුව එහි අග්‍ර ඵලය  අති උතුම් දළදා  වහන්සේට හා  කෘෂිකර්මාන්තයට අධිගෘහිත දෙවි දේවතාවුන්ට  පුජා කොට   කෘෂිකර්මාන්තයට  ආශීර්වාද ලබාගැනී‍මේ අරමුණින් මෙම  මංගල්‍ය  සිදුකෙරේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන අමත්‍ය සරත් ඒකනායක යන අමාත්‍යවරුන් හා  ප්‍රාථමික කර්මාන්ත  අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල වික්‍රමාරච්චි, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර අපනයන කෘෂිකර්ම‍ දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජනරාල් ආචාර්ය එම්.ඒ.පී.‍කේ සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ද සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.