• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් ලක්ෂ 10ට වඩා වටිනා කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් අත්අඩංගුවට

paddy and rice2017රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි වටිනාකමකින් යුතු කල් ඉකුත් වූ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 7825ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම සහල් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (09) කොළඹ 12 සහල් තොග වෙළෙඳ සැල් පරීක්ෂා කළ අවස්ථාවක දී ය.පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ඔවුන් වැටලීම සිදුකරන අවස්ථාවේ දී කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ මලු 313ක් තොග වෙළෙඳ සැලේ තිබූ බවයි. මෙම සහල් තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 1,017,250 කි. එම මලු ගලවා කිලෝ ග්‍රෑම් 10 හා 5 බැගින් වූ කුඩා මලු වලට සහල් පුරවමින් සිටි බවත් ගැලවූ විශාල මලු 30ක කවර අත්අඩංගුවට ගත් බවත්, වැටලීම් කළ නිලධාරීහු පිරිස කියති.

පුරවන ලද කුඩා මලු මැසීමට භාවිත කරන බෑග් මහන යන්ත්‍රයක් ද එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා මෙසේ කීවේය.‘‘මේ ස්ථානයේ වැටලීම් කරන විට කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් තිබුණා. ඒ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ මලු වශයෙන් ගෙනවිත් කිලෝ 10 හා 5 බැගින් වූ කුඩා මලුවලට පුරවමින් තිබූ බවට සාක්ෂි තිබෙනවා.

හාල් වැඩි මිලට විකිණීම පමණක් නෙවෙයි කල් ඉකුත්වූ හාල් විකිණීමත් වරදක්. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කර තිබෙනවා මේ වගේ ස්ථාන වැටලීම් කරලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න කියා. අපි ඒ අනුව සෙයා බැලීම් කර වටලනවා. ඒ වගේ ම පාරිභෝගියන්ගෙන් 1977 ට එන පැමිණිලි අනුවත් වැටලීම් කරනවා. “පාරිභෝගික අධිකාරිය පවසන්නේ ලබන අඟහරුවාදා (14) මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.