• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයක් 13, 14 රුහුණ විශ්වවිද්‍යාලයේ දී

Matara news 2017 03 11'වාණිජ රහස්  මගින් ඉසුරින් ජීවත්වීමේ කලාව' තේමාකර ගනිමින් දකුණු පළාතේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය වන රුහුණ විශ්වවිද්‍යාලය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාර සායනය සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මේ මස (13) පෙ.ව.9.30 ට රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.
මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක යන මහත්වරු සහභාගි වීමට නියමිත ය.

ව්‍යාපාර සායනය සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය (13) හා 14 දෙදින පුරා පැවැත්වේ.

ප්‍රධානත ම විශ්වවිද්‍යාල විද්වතුන්ගේ විශේෂඥ දැනුම හා සම්භාෂා, බැංකු ණය පහසුකම්, විධිමත් ලෙස ව්‍යාපාර ලියාපදිංචිය, මූල්‍යමය හා නීතිමය ගැටලු සඳහා විසඳුම්, අපනයන වෙළඳපොළ සම්බන්ධ දැනුම, ව්‍යාපාර සැලසුම් සැකසීම සඳහා සහායවීම, ව්‍යාපාර සඳහා අවශ්‍ය ශ්‍රමය හා පුහුණුව, නව අවස්ථා හඳුන්වාදීම, රැකියා පොළ, ආයුර්වේද අලෙවි ප්‍රදර්ශනය, නව නිපැයුම් සහ නවෝත්පාදන, නිෂ්පාදන සඳහා වෙළඳපොළ හඳුන්වා දීම ආදී සේවාවන් රැසක් මෙහි දී ලබාගත හැකි ය.

අදාළ සේවාවන් සැපයීම සඳහා දායක වන ආයතන හා සම්පත් දායකයින් මේ අවස්ථාවට සහභාගි වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.