• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුරේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 03 11දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කදවුරේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
යොවුන් කඳවුර වෙත පැමිණි ජනාධිපතිතුමා තරුණ තරුණියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු සහ පොලොන්නරුව  දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.