• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017310කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ බැහැර කිරීම් විධිමත් කිරීම සඳහා අදාළ සියලු ආයතන එක්ව නිසි ක‍්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ප‍්‍රධාන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම කසළ කළමනාකරණය දුර්වලවීමට ප‍්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී එක් එක් ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය මෙන්ම අලංකරණ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

විහාරමහාදේවි උද්‍යානය, බේරේ වැව අවට කලාපය ඇතුළු ස්ථාන කිහිපයක සිදු කළයුතු අලුත්වැඩියා කටයුතු සිදු නොවීම සහ එම ස්ථාන නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ ජනතාවගෙන් ලැබී ඇති චෝදනා පිළිබඳ මෙහිදී නිළධාරින් දැනුවත් කළ ජනාධිපතිතුමා එම අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීමට ද උපදෙස් දුන්නේය.

අවිධිමත් ලෙස කුණු බැහැර කිරීම් වැටලීම් විධිමත් කිරීමට ද මෙහිදී පරිසර පොලිස් ඒකකය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා අවිධිමත් ලෙස කසළ බැහැර කරන ආයතන මාධ්‍ය මගින් පෙන්වා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කළේය.

කසළ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව මහල් නිවාස, වතු නිවාස සහ අඩුකුලී නිවාසවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල ඇවිදීමේ මංතීරු නඩත්තුව සහ ඒවායේ සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කසළ කළමණාකරණයේදී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරුණු අතර කසළ එක් රැස් කිරීමේ රථ ප‍්‍රමාණවත් නොවීම සහ සේවක හිඟය පිළිබඳව ද එහිදී අවධානය යොමුකෙරිණි.


මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.