• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක්

Vehicle trafficවාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් 2017.03.12 වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
 
2017.03.12 වන දින සිට 18 වන දින දක්වා රාජගිරිය මංසන්ධිය ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම රථවාහන සැලැස්මේ සාර්ථකත්වය මත එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

පෞද්ගලික ප්‍රවාහන සේවා පාව්ච්චි කරන ජනතාව ද පොදු ප්‍රවාහන සේවයට යොමු කර රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද වටරවුම දක්වා මාර්ගය හා ආයුර්වේද වටරවුමේ සිට බොරැල්ල දක්වා දිවෙන කොටා පාර මාර්ගයේ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ රාජගිරිය ඔස්සේ වම් මංතීරුව මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන අතර කොළඹ සිට දිවෙන සියලුම බස් රථ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කෙරෙනු ඇත. කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා රාජගිරිය බස් නැවතුම ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ ජනාධිපති විද්‍යාලය අසල පිහිටුවා ඇත. මාර්ග අංක144 බස් රථරාජගිරිය HSBC බැංකුව අසලින් ආරම්භ වේ.

මාර්ග අංක 176 සහ 177 බස් රථ සඳහා ආයුර්වේද මංසන්ධිය බස් නැවතුම ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ පාලම අසල පිහිටුවා ඇති අතර කොටා පාර ඔස්සේ බොරැල්ල දෙසට දිවෙන අනෙකුත් බස් රථ සඳහා බස් නැවතුම ආයුර්වේද මංසන්ධියේ කොටා පාරේ මීටර් 50 ක් බොරැල්ල දෙසට වන්නට පිහිටුවා ඇත.

මෙම නව සැලැස්ම මාර්ග අංක 170, 190, 177, 168, 153, 176, 144, 186, 174, 175, 150 සහ 171 යන මාර්ගවලට බලපැවැත්වෙන අතර කොළඹ සිට රාජගිරිය දෙසට ධාවනය වන බස් රථවල ගමන් මාර්ගයෙහි මූලික වෙනසක් සිදුව නොමැත. පොදු ප්‍රවාහන සේවා බස් රථ, පාසැල් දරුවන් 10 දෙනෙකුට වඩා ප්‍රවාහනය කෙරෙන පාසැල් ප්‍රවාහන සේවා වාහන සහ කාර්යාලීය සේවකයින් 10 දෙනෙකුට වඩා ප්‍රවාහනය කරන කාර්යාල ප්‍රවාහන සේවා වාහන මෙම මංතීරුවේ ධාවනය කිරීම අනිවාර්ය වේ.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය,  නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,          ශ්‍රී ලංකා පොලීසිය, කොළඹ මහනගර සභාව සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.