• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය අද

mithripalasirisenaමාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) ප.ව 2.00 ට මාතලේ, නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.
“නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට සමඟාමී ව වකුගඩු රෝග නිවාරණය පිළිබඳ පාසල් දරුවන් සහ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකය.

විල්ගමුව රෝහලේ ඉදිකරන ලද වකුගඩු ඒකකය ද මේ හා සමඟාමී ව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

මීට වසර 10 කට පමණ පෙර මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇතත් මෙය ලොව පුරා කතාබහකට ලක්වන්නේ මෑත කාලයක සිටය. සෑම වසරක ම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස හඳුන්වනු ලබයි.

මෙම වකුගඩු දිනය සැමරීම තුළින් අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි.

එමෙන්ම  දැනට වසංගතයක් සේ වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස වගකිවයුතු සියලූ ආයතනවලින් ඉල්ලා සිටීම ද මෙහිදී සිදු කෙරේ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධානත ම අභියෝගයන්ගෙන් එකක් ලෙස වකගුඩු රෝගය හඳුනාගත හැකිය.

විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කෙරෙන උතුරුමැද පළාතේ මෙන්ම දිවයින පුරා සෑම පළාතකින්ම මේ වන විට වකුගඩු රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන තිබේ.

ජන ජීවිතයට අභියෝගයක් එල්ලකර ඇති මෙම වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද විශේෂ අවධානය යොමුවී තිබෙන අතර, ඒ වෙනුවෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් සක්‍රියව ක්‍රියාත්මක කෙරෙමින් තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.