• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු ජනරජයේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

south koreaශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය,  යුන් බියුන්ග්සෙ මහතා නිල සංචාරයක් සඳහා මේ මස (15) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය. 
මෙරටට පැමිණෙන අමාත්‍ය යුන් මහතා එදින (15), විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිතය.

වසර 31 කින්, කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකුගේ ප්‍රථම ශ්‍රි ලංකා සංචාරය මෙය වේ. අවසන් වරට මෙවැනි සංචාරයක් සිදුවූයේ 1986 දී වන අතර, එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාවූ,  ලී වොන් කියුන්ග් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. .

යුන් අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් දෙරට අතර පවතින උණුසුම් සබඳතා සහ ද්විපාර්ශවික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 
 
 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.