• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් මාතර දී

Matara news 20173 13මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී ප්‍රචාරණයේ දී මනෝ විද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතය සහ එහි බලපෑම පිළිබඳ ව රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලක් විජේසුරේන්ද්‍ර මහතා විසින් ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කරන ලදි.

රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය කේ.කේ.ජී.ජයසිංහ මහතා විසින් මනෝ විද්‍යා විෂය සහ මාධ්‍ය භාවිතය පිළිබඳ ව කරුණු දැක්වී ය.

මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදේශකත්වය යටතේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශයේ උපදේශන අංශයේ මාතර දිස්ත්‍රික් උපදේශන සහකාර එල්. රසාංගිකා සෝමනාථාරච්චි මහත්මිය විසින් වැඩමුළු ව සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.