• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"හෙද වැඩවර්ජනය අසාර්ථකයි"

Hon Rajitha senarathna 2017313සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "අද දින හෙද සේවා සංගම්වලින් එක් හෙද සේවා සංගමක් වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. මම ලෝක සෞඛ්‍ය සංවිධානය මියන්මාරයේ පැවැත් වූ සැසිවාරයකට ගොස් සිටිය දී තමයි වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබුනේ. එම හෙද සේවා සංගමය දිර්ඝ ඉතිහාසයක් තිබෙන සංගමයක්. හැබැයි මම කියන්න කැමැතියි එම සංගමය කැඳ වූ අසාර්ථක ම වැඩවර්ජනය මෙවර ක්‍රියාත්මක වන බව. මෙම වැඩවර්ජනය නිසා කිසිදූ රෝහලක සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නැහැ. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ පමණක් යම්තාක් දූරට වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා."
 
"කොළඹ ජාතික රෝහල. මහනුවර, පේරාදෙනිය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, බදූල්ල, කලුතර, මාතර, කාසල්විදීය කාන්තා රෝහල, මහමෝදර, හම්බන්තොට, පොළොන්නරුව, ළමා රෝහල සහ අම්පාර යන රෝහල්වල දෛනික රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදූ වෙනවා.

හෙද පුහුණු පාසල් වල ඇතැම් විදූහල්පතිවරුන් ශිෂ්‍යාවන්ට බලපෑම් එල්ල කළත් එයත් අසාර්ථක වී තිබෙනවා. මෙම සංගමය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම වැටුප් විෂමතා කමිටුවට යොමු කර තිබෙනවා. එම ප්‍රශ්නය මුලු රාජ්‍ය සේවයම මුහුණ දී ඇති ප්‍රශ්නයක්. අතිකාල දීමනා වැඩිකිරිම පිළිබඳ ව ද සාකච්ඡා පවත්වා වැටුප් කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

වාර්ෂික නිල ඇදූම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම තවත් ඉල්ලීමක්. හදිසි අනතුරු දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් එය අනතුරු තිබෙන හෙද හෙදියන්ට ලබාදෙනවා. සෑම හෙද හෙදියකටම එය ලබාදෙන්න බැහැ. ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මම මෙි වනවිට ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කර අවසන්. හෙද විදූහල්පතිවරුන්ට නිල නිවාස ලබාදීම සහ සිසුන්ට පහසුකම් ලබාදිය යුතු බව තවත් ඉල්ලීමක් වෙනවා. හෙද විදූහල්වල අඩුපාඩු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා." 

"ඇතැම් විට මෙම වැඩවර්ජනය දේශපාලන අරමුණක් මත සිදූ කරන්න පුලුවන්. ඉල්ලීම් සියල්ල සාකචිඡා මාර්ගයෙන් විසදා ගන්න පුලුවන්. ඇතැම් ඉල්ලීම් මෙි වනවිට ඉටුවෙමින් පවතිනවා. එම හෙද සංගමයට නායකත්වය ලබාදෙන හිමිපාණන් අද අසරණ වෙලා. අසාර්ථකම වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. රෝහල්වල හෙද හෙදියන් සියයට 90ක් රාජකාරි කටයුතු ඉටු කරනවා.

කාගේ හරි අනුදැනුමක් මත මෙම වැඩවර්ජනය දියත් කරන්න ඇති. රෝහල් සේවා කටයුතු අඩාලවීමක් නැහැ. අනෙක් හෙද සංගම්වල නිලධාරීන්ට වර්ජනය කඩාකප්පල් කිරීමෙි උවමනාවකුත් නැහැ."යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදූරටත් පැවැසීය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.