• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 ඇස්මෙක් සමුළුව ගන්නෝරුවේදී

sri lankan spice2017අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම  පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන  බෝග පර්යේෂණ සමුළුව   ( SMEC – 2017 )  සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය  ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී  මේ මස  (16) සහ 17 යන දිනයන්හිදි දී පෙ.ව.  9.00 සිට ප.ව. 5.00  දක්වා පැවැත්වේ.
 
ප්‍රාථමික  කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  මහතාගේ  ප්‍රධානත්වයෙන්  මෙය සංවිධානය කරනු ලබන්නේ  අපනයන  කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගිනි.  මෙවර  එහි තේමාව වන්නේ  ‘හරිත ලොවක් සඳහා අපනයන කෘෂි බෝග’  යන්නයි.

මෙහිදී එළිදක්වනු ලබන පර්යේෂණවල තොරතුරු  කුළුබඩු හා අපනයන  ක්ෂේත්‍රයේ නියැළී සිටින ගොවි මහත්වරුන්ට අපනයන කරුවන් සැපැයුම්කරුවන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම  පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලි සිටින  පර්යේෂකයන්ට‍,  විද්‍යාඥයන්ට හා විශ්වවිද්‍යාල ප්‍රජාවටද වැදගත් වේ.

මෙම සමුළුවේදී  අපනයන කෘෂී ප්‍රභේද, නව බෝග ප්‍රවාරණ ක්‍රමවේද, කුළුබඩු සකස් කිරීමේ  හා වියළීමේ යන්ත්‍ර සුත්‍ර,  කුළු බඩු ආශ්‍රිත  ආහාර වර්ග සැකසීම,  ආදී  තොරතුරු රැසක් ලබාගත හැකිය.  මෙම ඇස්මෙක් සමුළුව  සිවුවැනි වරට පැවැත්වේ.  
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.