• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට එක් වන්නේ නැහැ – ජනාධිපති කාර්යාලය

He presidentජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ කිසිදු සංචාරයක නිරත නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ නව නාලන්දා මහා විහාර විශ්වවිද්‍යාලයේ උත්සවයක් සඳහා සහභාගීවීමට නියමිත බවට පසුගිය සිකුරාදා ,සිලෝන් ටුඩේ, පුවත්පත පළකර තිබෙන වාර්තාව අසත්‍ය බවත්, එය කිසිදු අයුරකින් කරුණු තහවුරු කර නොගෙන වාර්තා කර ඇති බවත්, එබැවින් එම ප‍්‍රවෘත්තිය ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට සහභාගීවීමට නියමිතව නොමැති බව වැඩිදුරටත් දන්වා සිටී.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.