• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල සහ රුපියල් 5 කාසිවල අඩංගු ලෝහවල වෙනස් කිරීමක්

z pi CBSL2017පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ‍්‍ර ලෝහ වලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ‍්‍ර ලෝහයකට වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව පියවර ගෙන ඇත.
ඒ අනුව නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. රුපියල් 5 කාසියේ දාරයේ පැවති අක්ෂර, මල නොබැඳෙන වානේ වලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත් කර ඇත.

2005 වර්ෂයේ සිට නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසි වල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලූ ම ලක්ෂණ නව කාසි වල එලෙස ම පවතී.

ඉහත සඳහන් නව කාසි, ශ‍්‍රී ලංකාව තුළ ගෙවීම් සඳහා වලංගු මුදල් වන අතර එය සංසරණයේ පවතින තුරු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වනු ඇත.
 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.