• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනව සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කෙරේ

He news 2017 03 15 1දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය, දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.
ශී‍්‍ර ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණීස්සර නායක ස්වාමින්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවති පුණ්‍යෝත්සවයට අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, රැන්ගුන් නුවර සෙකයින් පිරිවෙන් අධ්‍යක්ෂ අග්ගමහා පණ්ඩිත භදන්ත ධම්මානන්ද යන නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

මකුටාරාම විහාරාධිපති පූජ්‍ය කිත්තිසාර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ කළමණාකරන කමිටුවේ අනුශාසක නායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පරිදි බුරුම ජාතික සැදැහැවත් බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව ඉදිකිරීම් සිදු කර තිබේ.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සංඝාවාසය, දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

ඒ සඳහා ධන පරිත්‍යාග සිදු කළ බුරුම ජාතික සැදැහැවතුන් වෙත ප‍්‍රසාද තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.