• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ෆ්ලයිස්මයිල්ස් ජයග්‍රාහකයාට ශ්‍රීලංකන් වෙතින් මාලදිවයින වෙත ගුවන් ප්‍රවේශපතක්

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර  පියාසර වැඩසටහන  වන ෆ්ලයිස්මයිල්ස් සහ ඩයලොග් අසියාටා (Dialog Axiata) එක්ව පැවැත්වූ  Register & Win Promotion  තරගාවලියේ ජයග්‍රාහකයා වූ දයානන්ද කැකුලේවිතාන මහතා  මාලදිවයින වෙත යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපතක් පසුගියදා දිනාගනු ලැබීය.
විශ්‍රාමික පාසල් විදුහල්පතිවරයෙකු මෙන්ම පුද්ගලික අංශයේ ආයතනයක මානව සම්පත් අධ්‍යක්ෂ වශයෙන් කටයුතු  කරන  දයානන්ද කැකුලේවිතාන මහතා සිය අදහස්  ප්‍රකාශ කරමින්  කියා සිටියේ “  ජාතික  ගුවන් සේවය වන   ශ්‍රීලංකන් ගුවන් සමාගම විශිෂ්ට ගුවන් සේවයක් ලබාදෙන හෙයින් නිරතුරුව ම තමන් ශ්‍රීලංකන් හා පියාසර කරන බවයි.

මෙම ෆ්ලයිස්මයිල්ස්  වැඩසටහන හා සම්බන්ධ වෙමින්  ජයග්‍රහණය කිරීම පිළිබඳ ව ඉතා සතුටට පත්වන  බවත් මීට  පෙර පියාසර කර නැති මාලදිවයින වෙත  පියාසර කිරීමට තමන් ඉතා අපේක්ෂාවෙන්  පසුවන බවද ඒ  මහතා  වැඩිදුරටත්  කියා සිටියේය. 

මෙම ෆ්ලයිස්මයිල්ස්  සහ ඩයලොග් අසියාටා  “ Register & Win Promotion තරගාවලිය තුළින් විවිධ විදේශයන් හි සිටින ඩයලොග් පාරිභෝගිකයන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ෆ්ලයිස්මයිල්ස් ප්‍රතිලාභ  පිළිබඳව දැනුම්වත් කරන අතර  පසුගිය සති 6ක කාලසීමාව තුළ සියලු ම නවත ම සාමාජිකයන් සඳහා අමතර ප්‍රසාද සැතපුම් 1,000ක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.

කැකුලේවිතාන  මහතා , ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී දිමුතු තෙන්නකෝන් මහතා සහ ඩයලොග් අසියාටා හි සමූහ ව්‍යාපාර සංවර්ධන  සහ නව ව්‍යාපාර සංවර්ධන  අංශ ප්‍රධානී චින්තක  ජයසේකර  මහතා අතින් සිය ත්‍යාගය  මෙම අවස්ථාවේ දි ලබාගන්නා ලදී. 

ශ්‍රිලංකන්  ගුවන්  සමාගමේ  නිරන්තර පියාසර  වැඩසටහන  වන  ෆ්ලයිස්මයිල්ස් නිරන්තර පියාසර වැඩසටහන සඳහා  ගුවන් මගීන්ට  උසස්  ප්‍රමිතීන් ඔස්සේ සුවපහසු ගුවන් ගමනක අත්දැකීම ලබාදීම වෙනුවෙන්  සන්ධානගත වී ඇති වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් සේවා  සන්ධානයේ පාර්ෂිකත්වය හිමිවී ඇත.

 ශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ  ගෝලීය ගුවන් ගමන්  ජාලය  රටවල් 47  ගමනාන්ත 100ක්  දක්වා  ව්‍යාප්ත කර ඇති අතර වන්වර්ල්ඩ්  ගෝලීය  ගුවන්  සේවා සන්ධානයේ  සාමාජිකයෙකු වශයෙන්  ශ්‍රීලංකන්  සිය ගුවන් මගීන්ට රටවල් 160 ගමනාන්ත 1,000 දක්වා සිය ගුවන් මෙහෙයුම්  ජාලය  පුළුල් කර ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.