• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද බව පවසන නෞකාව පිළිබඳ ප්‍රකාශය

Containers cargo boat මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අමාත්‍යාංශයට දැන ගන්නට ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රි ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවට වාර්තා වී ඇත.

නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.

එබැවින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු එම නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.