• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධීවර කර්මාන්තය නැංවීමට වියට්නාමය හා ලංකාව අතර එකගතාවක්

Hon Deleep wedaarachchi20170315ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති නිල් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  පුර්ණ සහය ලබාදීමට වියට්නාමය කැමැත්ත පළ කරයි .
 
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ වියට්නාම තානාපතිනි Phan Kieu  Thu මහත්මිය අතර ඊයේ (14) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කෙරිණ.

මෙහිදී නිල් ආර්ථික වැඩපිළිවෙළ පිලිබඳ ව මෙන්ම බහුකාර්ය ධීවර වරාය ඉදිකිරීමේ වැඩපිළිවෙළ , ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක වැඩපිළිවෙළ, ධීවර කර්මාන්තය ආශ්‍රිත අනාගත සංවර්ධන ඉලක්ක සහ ජලජිවි වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ ව වියට්නාම තානාපතිතුමිය දැනුම්වත් කළේය.

අනතුරුව අදහස් දැක්වූ වියට්නාම තානාපතිනි Phan Kieu  Thu මහත්මිය අවධාරණ කළේ ධීවර කර්මාන්තය ආශ්‍රිත ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ව තමන් ඉතාමත් සතුටට පත්වන බවයි.

ඒ සඳහා සහය ලබා දීමට තම රට සුදානම් බවත් අදාළ වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරිපත් කරන්නැයි තානාපතිතුමිය රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගෙන් ඉල්ලීමක්ද කළාය.

ඒ අනුව දෙරට අතර මනා සහයෝගයෙන් ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නිල් ආර්ථික වැඩපිළිවෙළට සමඟාමී ව ව්‍යාපෘති වාර්තා කඩිනමින් තානාපතිතුමිය වෙත ලබා දීමට කටයුතු කරණ බව සඳහන් කළ දිලිප් වෙදආරච්චි මහතා ශ්‍රී ලංකාව මේ වන විට විශාල සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ඨ වී ඇතැයි පෙන්වා දුන්නේය.

 වියට්නාමය මෙන්  යුද්ධයෙන් බැටකෑ රටක් ලෙස ශ්‍රී ලංකාවද යුද්ධයේ නිමාවෙන් පසු මෙම සංවර්ධන මාවතට ප්‍රවිෂ්ඨවී වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බව සඳහන් කළේය.

එම සංවර්ධන ගමනේදී වියට්නාමයෙන් ලැබෙන සහය ඉතා ප්‍රසංසනිය බව ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිතුමිය කියා සිටියේ කතා කිරීමට වඩා වැඩකිරීම මගින් සංවර්ධන ඉලක්ක පහසුවෙන් ජයගත හැකි බැවින් සෘජුව දෙරට අතර අදාළ වැඩපිළිවෙළ සඳහා අවදානය යොමු කළ යුතු බවය .
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.