• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුවේටය හා ශ‍්‍රී ලංකාව අතර, ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමට පියවර

 
Hon Thalatha athukaorale20173 15කුවේටයේ කවුන්සලර් කටයුතු පිළිබඳ සහකාර විදේශ කටයුතු අමාත්‍ය Sami Abdulaziz Ahmad Alhamad මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර විශේෂ සාකච්ඡුාවක් ඊයේ (14) විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී කුවේට් රාජ්‍ය හා ශ‍්‍රී ලංකාව අතර, ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සිය රජය කටයුතු කරන බව සහකාර විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළ අතර, ශ‍්‍රී ලාංකිකයින් සඳහා කුවේටයේ හොඳ රැකියා අවස්ථා පවතින බවත්, ශ‍්‍රී ලාංකික ශ‍්‍ර‍්‍රමිකයින් පිළිබඳ ව එරට සේවා යෝජකයින්ගේ දැඩි විශ්වාසයක් පවතින බවත්, ලාංකිකයින්ගේ විශ්වාසනීය බව හා ගුණගරුක බව ඉතා ප‍්‍රශංසනීය බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කුවේට් රාජ්‍ය එරට වෙසෙන ලාංකිකයින්ට ලබාදෙන සහයෝගය පිළිබඳ ව ශ‍්‍රී ලංකා රජය සතුටු වන බවත්, ඉදිරියටත් මෙරට රජය කුවේටයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ය.

එසේම කුවේටයේ ගෘහ සේවිකාවන්ට අමතර ව වෙනත් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලාංකිකයින් වෙනුවෙන් ලබා දෙන ලෙසත් අමාත්‍යතුමිය මෙහිදී ඉල්ලීම් කළාය. එසේම කුවේටයේ වැඩි රැකියා අවස්ථා පවතින පුහුණු ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය කරන පුහුණුව ලබාදීමට කාර්යාංශය අවශ්‍ය කටයුතු සිදුකරන බවත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජි.ස්.විතානගේ, කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති, අමාත්‍යංශයේ උපදේශිකා පද්මිණි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

මේ වන විට කුවේට් රාජ්‍යයේ ශ‍්‍රමිකයින් 96000කට ආසන්න පිරිසක් සේවය කරන අතර කුවේටයේ සුරක්‍ෂා නිවාස වල සිටි ලාංකික ශ‍්‍රමිකයින් 1943 දෙනෙකු පසුගිය වසරේදී දිවයිනට ගෙන්වා ගෙන තිබේ. එසේම මේ වන විට ශ‍්‍රමිකයින් 133 දෙනෙකු මෙරටට පැමිණිම සඳහා කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටිති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.