• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව පවත්වන දෙවන ජංගම සේවාව මාවනැල්ලේ දී

Bikshu2017 ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව කෑගලු දිස්ත්‍රික්කය කේන්ද්‍රව පවත්වන ජංගම සේවා මාලාවේ දෙවන ජංගම සේවාව හෙට (18) දින මාවනැල්ල බෙලිගම්මන පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ.
 
මෙම ජංගම සේවා වැඩසටහන බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශාසනාරක්ෂක බල මණ්ඩලය එක්ව සංවිධානය කෙරේ.

මෙහිදී භික්ෂු හැඳුනුම්පත් නිකුත් කිරීම, විහාරස්ථාන සම්බන්ධ නෛතික ගැටලු විසඳිම, දහම් පාසල් දරුවන්ගේ ගැටලු ආදිය විසඳීමට නියමිතය.

මෙයට අමතර ව දහම් පාසල් ගුරු සේවයේ නියුතු ගරුතර මහා සංඝරත්නය හා ගිහි ගුරු භවතුන් ඇගයීම් වැඩසටහනක් ද මෙයට සමඟාමී ව ක්‍රියාත්මක කෙරේ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.