• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වැවිලි භෝග සඳහා රුපියල් මිලියන 1500ක පොහොර සහනාධාර

fertilizerවැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව තේ, රබර් හා පොල් යන වැවිලි භෝග සඳහා පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 1,500ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 900ක් ද පොල් වගාකිරීමේ මණ්ඩලයට රුපියල් මිලියන 500ක් ද රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100ක් ද වශයෙන් මෙම ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

මෙම සියලූ ම ප‍්‍රතිපාදන 2017 වසර සඳහා වෙන්කර ඇති අතර පොහොර සහනාධාර බෙදාහැරීමේ ප‍්‍රගතිය මත ඉදිරියේදීත් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙම පොහොර සහනාධාර මුදල් ලබන ජුනි 30 දාට පෙර වගාකරුවන් වෙත ලබාදීමට අදාළ ආයතන වෙත උපදෙස් දී ඇත.

කුඩා තේ වතු හිමියන් සඳහා උපරිමය හෙක්ටයාරයක් සඳහා රුපියල් 15,000කට යටත්ව පොහොර සහනාධාරය ලබාගත හැකි අතර, පර්චර්ස් 20ක තේ ඉඩමක් සහිත වගාකරුවන් ද මේ සඳහා සුදුසුකම් ලබයි.

පොල් වගාව සඳහා අක්කර කාලක අවමයක සිට අක්කර පහක උපරිමය දක්වා මෙම සහනාධාරය සඳහා සුදුසුකම් ලබන අතර රුපියල් 9000ක උපරිමයට යටත්ව මූල්‍ය සහනාධාරය ලබා ගැනීමේ හැකියාව පොල් වගාකරුවන්ට හිමිවේ. පොහොර සඳහා අයඳුම්පත් පොල් වගාකිරීමේ ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ සියලූ ම ප‍්‍රාදේශීය කාර්යාල මගින් හෝ පොල් සංවර්ධන නිලධාරීන් මගින් ලබාගත හැකිය.

පර්චස් 20 සිට හෙක්ටයාර 02 දක්වා හිමිකම් පවතින රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයට ඉල්ලූම් කළ හැකිය. ඒ යටතේ උපරිමය රුපියල් 5,000ක ට යටත්ව සහනාධාර මුදල් ලබාදීමට නියමිතය.  දිවයින පුරා රබර් සංවර්ධන ප‍්‍රාදේශීය කාර්යාල සහ රබර් සංවර්ධන නිලධාරීන් මගින් අයඳුම්පත් ලබාගත හැකිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.