• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සිවිල් හා පාරිසරි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සමුළුව සාර්ථක ව නිමාවේ

Ruhinu University 1තිරසාර සංවර්ධනයක් සඳහා සිවිල් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාවේ සංකල්ප යන තේමාව පදනම් කර ගත් සිවිල් හා පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සමුළුව ඊයේ (16) දින රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යයන විද්‍යා පීඨයේදී සාර්ථක ව නිමාවට පත්විය.
සෑම වසරකදී ම පැවැත්වෙන මෙම සමුළුව ඊයේ දින පවත්වනු ලැබූයේ 05 වෙනි වරට යි. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු පීඨවල ( ජපානය, තායිලන්තය, ඉංදුනීසියාව, වියට්නාමය) මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවරුන් සහ විද්‍යාඥයන් ඇතුළු දෙසීයයකට අධික විද්වත් පිරිසක් සහභාගී වූහ. 

මෙම සමුළුව සංවිධානය කරනු ලැබූයේ, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් හා පාරිසරික ඉංජිනේරු අධ්‍යයන් ආයතනය මගිනි. එහි සම සංවිධායක ධූරය ජපානයේ සයිටාමා සහ ටොයාමා යන විශ්වවිද්‍යාල මගින් දරණු ලැබූහ.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනාරත්න මහතා සහභාගී විය.

මෙහිදී  තායිලන්තයේ ආසියානු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශ්වනාදන්, ඉංදුනිීසියාවේ බන්දූන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආමි සුසන්දි, සයිටාමා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තකේෂී මාකි යන මහත්වරුන් විසින් ප්‍රධාන ආරාධිත දේශන පවත්වන ලදී.

මෙම සමුළුවේදී සිවිල් හා පාරිසරික ඉංජිනේරු ක්ෂේත්‍රයේ දෙස් විදෙස්  පරීක්ෂණ පත්‍රිකා 60ක් පමණ  එළිදක්වනු ලැබූ අතර, සමුළුව සඳහා සම සභාපතීත්වය ආචාර්ය සුධීර සිල්වා සහ ආචාර්ය තුෂාර චමින්ද යන මහත්වරු විසින් දරණු ලැබූහ.



Ruhinu University 2Ruhinu University 3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.