• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට 2OR සංවිධානය කැමැත්ත පළ කරයි

He news 20170319ලබන මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමඟාමී ව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2OR සංවිධානය කැමැත්ත පළ කරයි.
එහි සභාපති, ඕස්ටේ‍්‍රලියානු පෙරදිග ගුවන්විදුලි හා රූපවාහිනි සමාගමේ සභාපති Jun Hong Lu මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික කටයුතුවල දියුණුව සඳහා තම සංවිධානය මගින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳ මෙහිදී නියෝජිත පිරිස ජනාධිපතිතුමාගේ උපදෙස් විමසු අතර තම සංවිධානය ලොව පුරා රටවල් 40 ක බෞද්ධ සුබසාධන සංවිධාන සමග සම්බන්ධව කටයුතු කරන බවත්, තම අරමුණ බුදු දහම ලොව පුරා පැතිරවීම සඳහා කි‍්‍රයාකිරීම බවත් සඳහන් කළහ.

එමෙන්ම විශේෂයෙන් තරුණ පරපුර අතර බුදු දහම ව්‍යාප්ත කරමින් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් උසස් මට්ටමට ගෙන ඒම තම සංවිධානයේ ප‍්‍රමුඛ අරමුණක් බව ද කියා සිටියහ.

මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තම රජයේ අරමුණ ද බුදු දහමේ ආභාෂය තුළින් යහපත් මෙන්ම විනය ගරුක තරුණ පරපුරක් ගොඩනැගීම බවයි.

පොළොන්නරුව කෞතුකාගාරයේ ඉදිකිරීම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ද මෙහිදී Jun Hong Lu මහතා කැමැත්ත පළ කළ අතර ඒ පිළිබඳව ද ජනාධිපතිතුමා සිය ස්තූතියි පිරිනැමීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.