• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වරාය පරිශ්‍රයේ හටගත් ගින්න පිළිබඳ වරාය අධිකාරිය වෙනම පරීක්ෂණයක් අරඹයි.

port fireකොළඹ වරාය පරිශ්‍රයේ  ඇතිවු ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද වෙනම පරීක්ෂණයක් අරඹයි.


වරාය පරිශ්‍රයේ ඊයේ හටගත් ගින්න ඇති වූයේ කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි පෞද්ගලික වැඩබිමේ බවත් එම වැඩ බිමේ ගොඩගසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව එම ගින්න ඇති වු බවත් වරාය අධිකාරිය පවසයි. එම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගනී. 

ගින්න ඇති වූ වැඩබිම පිහිටා තිබෙන්නේ කොළඹ වරායේ නෞකා මෙහෙයුම් සීමාවෙන් පිටතය. ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම්වලට හෝ කොළඹ වරායේ පර්යන්තවල දෛනික මෙහෙයුම්වලට හෝ කිසිදු බාධාවක් සිදු වී නැත.

ගින්න හේතුවෙන් කොළඹ වරායේ  දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා නොවක අතර ගින්න නිවා දැමීම සඳහා කොළඹ වරාය පරිශ්‍රයේ සියලු අංශ සක්‍රීයව ක්‍රියා කළ බවද ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.